Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගනියි

|Fri, 01 June 2018 13:04|Miscellaneous| Page Views : 39

අලුත් පුවත්
ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සුල මුල මෙන්න
ජීවිත 4ක් මහ මග නවතී
ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි
කැලණිය හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ
තිසර පෙරේරා ලෝක පිලේ නම්බුව බේරාගනී
අර්ධ සුඛෝපභෝගී බස්රථ දෙසැම්බර් 31 පසු ඉවතට
රණ මයුර සම්මානය නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට
 
අඹේපුස්ස දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා වැ...අඹේපුස්ස දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන තිබේ.

රඹුක්කන සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය රියදුරෙකු දුම්රිය මාර්ගයේ මළ සිරුරක් ඇති බව දැකීමෙන් පසු දුම්රිය නවත්වා ඒ පිළිබඳ පොලීසියට දැනුම්දී ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

පසුව පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ මළ සිරුර ඉවත් කර ගන්නා තෙක් පැය එක හමාරක පමණ කාලයක්ල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන තිබේ.

රඹුක්කන සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය රියදුරෙකු දුම්රිය මාර්ගයේ මළ සිරුරක් ඇති බව දැකීමෙන් පසු දුම්රිය නවත්වා ඒ පිළිබඳ පොලීසියට දැනුම්දී ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

පසුව පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ මළ සිරුර ඉවත් කර ගන්නා තෙක් පැය එක හමාරක පමණ කාලයක් දුම්රිය නවතා තැබීමට සිදුව තිබිණි.

මේ හේතුවෙන් අද උදෑසන ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර එම මරණය දුම්රිය ගැටීමෙන් සිදු වූවක් ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වුවද මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව තිබේ.

මේ අතර මෙවැනි සිද්ධියකදී ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනයට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ආචාර්ය විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න