Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්ලොට් සංවිධානය දෙකඩ වේ

|Fri,01 June 2018 14.22|Political| Page Views : 103

අලුත් පුවත්
දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගනියි
ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සුල මුල මෙන්න
ජීවිත 4ක් මහ මග නවතී
ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි
කැලණිය හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ
තිසර පෙරේරා ලෝක පිලේ නම්බුව බේරාගනී
අර්ධ සුඛෝපභෝගී බස්රථ දෙසැම්බර් 31 පසු ඉවතට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ප්ලොට් සංවිධානය තුල බෙදීමක් සිදුවී ඇති අතර, තම පක්‍ෂය නියෝජනය කරන උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයට එරෙහිව ප්ලොටි සංවිධානයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නියෝජිතයෙකු උද්ඝෝෂණයක නිරතවී ඇත.

වව්නියාව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂක ටී.යෝගේෂ්වරන්ව උතුරු පළාත් කෘෂිකර්ම අමත්‍යංශය විසින් ස්ථාන මාරුවීමක් ලබාදී ඇත. එය වළක්වන මෙන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂකවරයා කිහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් කර තිබුණි.

මෙවැනි පසුබිමකදී, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂකවරයා වෙනුවෙන් ඇතැම් සංවිධානවල නියෝජිතයින් කිහිපදෙනෙකු, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාව හමුවී සාකච්ඡා කර තිබුණි.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති ප්ලොට් සංවිධානයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නියෝජිතයෙකු මෙන්ම සෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ජෙගදීස්වරන් (ශිවම්) සහභාගිවී තිබුණි.

ප්ලොට් සංවිධානයේ නියෝජිතයෙකු වන උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ශිවනේෂන්, වව්නියාව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂක ටී.යෝගේෂ්වරන්ට ස්ථාන මාරුවක් ලබා නොදෙන මෙන් ජෙගදීස්වරන් කළ ඉල්ලීමට නිසි පිළිතුරක් ලබානොදීම හේතුවෙන්, ඔවුන් දෙදෙනා අතර මතභේදකාරි තත්වයක් උද්ගත වී ඇත.

ඒ හේතුවෙන්, ප්ලොට් සංවිධානය තුල බෙදීමක් සිදුවී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව, ජෙගදීස්වරන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.30 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා යන දෙදෙනාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වා ඇත.

ප්ලොට් සංවිධානයේ නියෝජිතයෙකු වන කෘෂීකර්ම අමාත්‍යවරයාට එරෙහිව එම සංවිධානයේම නියොජිතයෙකු වන ජෙගදීස්වරන් උද්ඝෝෂණයක නිරතවීම, පක්‍ෂය තුල තවදුරටත් මතභේදකාරී තත්වයක් ඇතිකිරිමට හේතුවෙක් වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න