Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දළපූට්ටූවාගේ ඩී. එන්. ඒ වාර්තාව අධිකරණයට ලබා දීම ප්‍රමාදයි..හේතුව මෙන්න

|Fri, 01 June 2018 14:35|Crime| Page Views : 31

අලුත් පුවත්
ඉන්ධන සහනාධාරය ඉල්ලා ධීවරයින් විරෝධතාවයක
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විරෝධතා පෙළපාලියක්
ප්ලොට් සංවිධානය දෙකඩ වේ
දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගනියි
ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සුල මුල මෙන්න
ජීවිත 4ක් මහ මග නවතී
ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි
 
රටටම අභිමානයක් වූ ගල්ගමුවේ දළපූට්‌ටුවා ඇත් රජු ඝාතනය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන්නා. දඩයම්කරුවන් විසින් දළපූට්‌ටුවා ඇතා ඝාතනය කර ඇත් දළ කපා ගෙන තිබුනා.

සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තද පසුව ඔවුන් ඇපමත නිදහස්ව සිටිනවා. මේ අතර දළපූට්‌ටුවා නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දැනට අධිකරණයට අත්‍යවශ්‍යව තිබෙන ඇතාගේ ඩී. එන්. ඒ. වාර්තාවක් ප්‍රමාදව තිබෙන නිසා නඩුවේ කටයුතු අඩාල වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම හේතුව නිසා නඩුව විභාග වන මහව අධිකරණයේ මහෙස්‌ත්‍රාත් රසික මල්ලවආරච්චි විසින් ඇතාගේ ඩී. එන්. ඒ. වාර්තාව අදාළ මුදල් ගෙවා ඉදිරි දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙසට පොලිස්‌පතිවරයාට නියම කරන බවට නියෝග කළා.

දළපූට්‌ටුවා ඝාතනය කිරීම, ඇත්දළ කපා අලෙවි කිරීම යන චෝදනාවන්ට අදාළව දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ 8 දෙනාම මෙම නඩුව සඳහා ඉදිරිපත් වී සිටියා. සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් තිදෙනකු පෙනී සිටි අතර පරිසර සංවිධාන වෙනුවෙන් නීතිඥයෝ දෙදෙනෙක්‌ පෙනී සිටින ලදි.

මෙම නඩුවේ අත්‍යවශ්‍ය වාර්තාවක්‌ වන ඩී. එන්. ඒ. වාර්තාව මෙපමණ කලක්‌ ප්‍රමාද වන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි මහෙස්‌ත්‍රාත්වරයා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරියෙකුගෙන් විමසා සිටිමද විශේෂත්වයකි.

එහිදි එම නිළධාරීයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ .

තම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂවරයාගේ අනුමැතිය මත ගෙවිය හැක්‌කේ රුපියල් හැත්තෑපන්දහසක මුදලක්‌ පමණක්‌ බවත් ඊට වැඩි මුදලක්‌ ගෙවීමේදී පොලිස්‌පතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවත් මෙම ඩී. එන්. ඒ. වාර්තාව සඳහා රුපියල් එක්‌ ලක්‌ෂ දාහතර දහසක මුදලක්‌ ගෙවිය යුතු බැවින් එම මුදල ගෙවීමට පොලිස්‌පතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න