Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටිලා

|Mon,04 June 2018 10.13|Security| Page Views : 45

අලුත් පුවත්
ජයතිලක රුසියාවේ තානාපති ධුරයට !
ජල සේවකයෝත් වැඩ වරති
සුළං තත්ත්වයේ වැඩි වීමක්
තැපැල් වර්ජනය ඇරඹෙයි
ජගත් පරිසර දින සැමරුම අදයි
මදුෂ්ගේ ගෝලයෙක් කොටුවේදී දැලේ
සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි
මෝටර් වාහන නීතියට අදාළ සියලු කරුණු සහිත පොතක්
 
නඩත්තු කටයුත්තක් සඳහා ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමක එක් අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

03 වැනිදා රාත්‍රී 10.00 ට පමණ පුත්තලම – කරඹ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කරඹ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ – කොයියාවාඩිය ප්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව එම ස්ථානයේ සේවය කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරීම සඳහා ගොස් ඇති අතර පහර දීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදී බව පොලීසිය කියයි.

පහර දුන් පිරිස අතර සිටි කීප දෙනෙකු මත්පැන් පානය කර සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇති අයවළුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න