Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඛනිජ තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ

|Mon,04 June 2018 11.03|Miscellaneous| Page Views : 72

අලුත් පුවත්
වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටිලා
ජයතිලක රුසියාවේ තානාපති ධුරයට !
ජල සේවකයෝත් වැඩ වරති
සුළං තත්ත්වයේ වැඩි වීමක්
තැපැල් වර්ජනය ඇරඹෙයි
ජගත් පරිසර දින සැමරුම අදයි
මදුෂ්ගේ ගෝලයෙක් කොටුවේදී දැලේ
සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි
 
ප්‍රවාහන ගාස්තු සංශෝධනය හා මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

2016 වසරේදී ලබාදීමට පොරොන්දු වූ ගාස්තු සංශෝධනය හා ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට නව ගාස්තු සකස් වියයුතු බවද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.

ගාස්තු සංශෝධනය නොවීමට එරෙහිව අද (04දා) තෙල් බෙදාහැරීම්වලින් ඉවත්වීමට තීරණය කළ බවත්, එහෙත් 08 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම ගැටලුවලට විසදුම් ලබාදෙන බවට තෙල් සංස්ථා බලධාරීන් හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම් බලධාරීන් පොරොන්දු වූ බවත් ඔහු පවසා සිටියේය.

මෙම පොරොන්දු සැලකිල්ලට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය දින 05කට කල් දැමූ බවද එම සංගමයේ සම ලේකම්වරයා සඳහන් කළේය.

පොරොන්දු කඩකළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බවත්, සමස්ත ඉන්ධන බෙදාහැරීමෙන් 80%ක් සිදු කරන්නේ පෞද්ගලික බවුසර් හරහා බවත් හෙතෙම කියා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න