Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යතුරු පැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

|Mon,04 June 2018 11.48|Security| Page Views :

අම්බලන්ගොඩ - කහව - උඩුවරාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මිය ගොස් තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 9.15ට පමණ. කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රිය එන්ජිමක යතුරුපැදිය ගැටී තිබෙනවා. මෙම ස්ථානයේ වර්ණ සංඥා පද්ධතියක් සවි කර තිබුණද, එය පරීක්ෂණ මට්ටමේ පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගේට්ටුකරු එම ස්ථානයේ නොසිටි බව ප්‍රදේශවාසීන් පවසනවා. මෘත ශරීරය මේ වන විට බලපිටිය මූලික රෝහලේ තබා තිබෙනවා.

පශ්චාද් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි. මිය ගොස් ඇත්තේ, අකුරල දූව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටි අයෙක්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න