Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පසු බසිති ජය පාකිස්ථානයට

|Wed, 06 June 2018 15:30|Miscellaneous| Page Views :

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ අද (06) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානු කී‍්‍රඩිකාවන් නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 4ක් දැවී ලකුණු 136ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

යශෝධා මෙන්ඩිස් සහ නිපුණි හංසිකා පළමු කඩුල්ලට ලකුණු 48ක සබදතාවක් ගොඩනැගුවද අනෙක් කිසිදු කී‍්‍රඩිකාවක් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත්කම් දැක්වූයේ නැහැ. අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රදවා ගැනීමට නම් ඉන්දියාව සහ තායිලාන්තය සමග පැවැත්වෙන තරගවල ජය ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට තීරණාත්මක වී තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න