Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි

|Thu, 07 June 2018 11:22|Special| Page Views : 24

අලුත් පුවත්
ශ්‍රී ලංකාවට රාජ්‍ය කමිටු ආසනයක් හිමිවෙයි
විරාත් කෝලිගේ නමත් ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ සටහන් වෙයි
ඉදිරි දින කිහිපයේ කාලගුණය වෙනස් වෙයි
නවකවදයට තිත තබන්න APP එකක්
ළමුන් 25ක් එක්ක පාසල් බස් රථය අනතුරක
දින දෙකක ඩෙංගු මර්දන වැඩසටහනක්
කලණ මිතුරු පොත් සුමිතුරු
2030 දක්වා ක්‍රියාත්මක ආපදා කළමනාකරණ සැලැස්මක්
 
කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, කොදෙව් ඉණිමේ කඩුලූ 06ක් ලකුණු 246කට බිඳ හෙළීමත් සමගයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශායි හෝප් ලකුණු 40ක් රැස් කළා. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 40කට දැවී ගිය අතර ෂේන් ඩාරික් නොදැවී ලකුණු 46ක් රැස්කර ගෙන සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගුනේ කොදෙව් ඉණිමේ කඩුලූ 05ක් ලකුණු 147කට බිඳවැටී තිබියදීයි.

පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ ලහිරු කුමාර ලකුණු 57කට කඩුලූ 03ක් බිඳ හෙලූවා. සුරංග ලක්මාල් සහ රංගන හේරත් හමුවේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ශ‍්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න