Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි

|Fri,08 June 2018 10.02|Special| Page Views : 41

අලුත් පුවත්
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි
 
නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ඊයේ (07) සිට දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබූ අතර යලි එම පීඨය විවෘතකරන තෙක් ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කරතිබුණි.

ඒ පිලිබඳව අදහස් දැක්වු රුහුණවි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන සිසුවා මෙසේ කීය.

“තවත් සිසුවියන් පිරිසකගේ කාමරයකට ගිහින් කතා කලා කියලා අභූත චෝදනා නගමින් විශ්ව විද්‍යාලපාලන අධිකාරිය ඒ සිසුවියන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයටකැඳවා සමාව ගන්නා ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා. එය නොකළ නිසා ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන ලෙසටත් දැනුම් දී තිබෙනවා. ඒ සිසුවියන් සිව් දෙනාම අවුරුදු දහ අටට වැඩි අය. ඔවුන්ට සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. ඒ නිසා දෙමාපියන් කැඳවීම අවශ්‍ය නැහැ.

අනෙත් එක දෙමාපියන් ඒකට අදාලත් නැහැ. මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි ඒකට විරුද්ධයි.‘‘

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න