Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්

|Fri,08 June 2018 12.38|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

ප්‍රශ්ණ කිරීම සඳහා අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.සර්වේෂ්වරන්ට කැඳවීමක් කර ඇත. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.සර්වේෂ්වරන්, වව්නියා, ඊරපෙරියකුලම් විද්‍යාලයේ පැවති වැඩසටහනකදී, ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමට ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා කොළඹ පිහිටි අපරාධ විමර්ශන ඒකකය වෙත 2018.06.20 වන දින පැමිණෙන ලෙස නියෝග කර ඇත.

ප්‍රශ්ණ කිරීම සඳහා වන කැඳවුම් නියෝගය යාපනය දිස්ත්‍රික්කය සඳහා වන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට සෘජුවම භාරදී ඇත. 2018.06.16 වන දින ප්‍රශ්න කිරීම සඳහා කැඳවුම් නියෝගය අමාත්‍යවරයාට භාරදුන්නත්, එදින අමාත්‍යවරයාට ඉදිරිපත් වීමට නොහැකි හේතුවෙන්, නැවතත් 2018.06.20 වන දින ප්‍රශ්ණ කිරීම සඳහා පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න