Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මධ්‍යම කදුකරයට තද වැසි

|Fri,08 June 2018 13.05|Special| Page Views : 19

අලුත් පුවත්
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
නව දේශපාලන පක්‍ෂයක්!
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
 
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. අප නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 01ක්, ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු 3 ක් හා කැනියන් ජලාශයේ වාන්දොරටුවක් ඊයේ (07) සිට විවෘතව ඇති බවයි. එමෙන්ම විමලසුරෙන්ද්‍ර ජලාශය තවමත් වාන් දමමින් තිබෙන අතර කාසල්රි සහ මාඋස්සකැලේ ජලාශයන්හි ජල මට්ටම මේ වන විටත් වාන් මට්ටමට ලංවෙමින් පවතින බවයි ඔහු සදහන් කලේ.

හැටන් කොළඹ මාර්ගයට පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා. ගිනිගත්හේන දියගල සහ ගිනිගත්හේන කෝවිල අසලදී එම මාර්ගයට මෙලෙස පස්කදුකඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් එම ස්ථානවල රථ වාහාන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. ගිනිගත්හේන ප‍්‍රදේශයට තවදුරටත් වැසි ලැබුණහොත් එම මාර්ගය තාවකාලික වසා දැමීමට සිදුවන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි භූ විද්‍යා පතල් කැනීම් කාර්යංශය පැවසුවේ. රත්නපුර, කෑගල්ල, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස කියා සිටියේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල පවතින සුළං සහ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් වලට වැසි සහ විටක පැයට කිලෝමීටර් 60 ඉක්මවූ සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න