Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මධ්‍යම කදුකරයේ අධික සුලං තත්ත්වයක්

|Sat,09 June 2018 10.20|Miscellaneous| Page Views :

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදරටත් පවතින අයහපත් කාලගුණයත් සමඟ ඊයේ(08) රාත්‍රි‍යේ සිට ප්‍රදේශය පුරා දැඩි සුළං තත්ත්වයක් පවතින බව අප වාර්තාකරු පැවසීය.

අධික සුලං තත්ත්වය හේතුවෙන් විදුලි රැහන් පද්ධතියට අලාභ හානි සිදු විම නිසා ප්‍රදේශයේ වරින් වර ස්ථාන කිහිපයකම විදුලි බලයද ඇණ හිට ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (09) අලුයම තේ වත්තක තිබු විශාල ගසක් කඩාගෙන වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මං තිරුවකය පමණක් සිමා කර තිබේ.

පවතින දැඩි සුලං හේතුවෙන් ප්‍රධාන මාර්ග අභියස තිබෙන විශාල ගස් සහ එම ගස් වල අතු කඩා වැටිමේ අවදානමක් පවතින බැවින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ,හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් රථවාහන ධාවනය කිරිමේදි ඉතා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගේන ඉල්ලා සිටියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න