Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලීසියේ කිහිපදෙනෙකුගේ තැන් මාරු වෙයි

|Sat,09 June 2018 11.40|Special| Page Views : 14

අලුත් පුවත්
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක ම මිනිස් අත්හදා බැලීම්
නෙලුම් කුලුනෙන් බිමට වැටී සේවකයෙක් මරුට..!
සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
මධ්‍යම කදුකරයේ අධික සුලං තත්ත්වයක්
තරගයේ වැඩි වාසි කොදෙව්වන්ට
තහනම් උත්තේජන ගැන අනතර්ජාතික සමුළුවක්
වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය උප සභාපති මරුට
 
සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථාන සඳහන් කළේය.

ඒ අනුව මහනුවර කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතා මාතලේ කොට්ඨාසය වෙත මාරුකර යවා තිබේ.

ගම්පොල කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි ජී.ජී.එන් ජයසිංහ මහතා කළුතර කොට්ඨාසයටත්, කළුතර කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරී ජී.එම්.ඩී.යූ.බී පලිහවඩන මහතා ගම්පොල කොට්ඨාසයටත් මාරුකර ඇති බව පොලීසිය පැවසුවේය.

සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී සේනානායක මහතා මාතර කොට්ඨාසයේ සිට රත්නපුර කොට්ඨාසයටත්, සහකාර පොලිස් අධිකාරී කේ.ඩී. චන්ද්‍රපාල මහතා අම්පාර කොට්ඨාසයේ සිට කන්තලේ කොට්ඨාසයටත් මාරු කර යවා තිබේ.

එමෙන්ම අනුරාධපුර කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරී විජිත් ද අල්විස් මහතා, මහනුවර කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න