Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් පාතාල සාමාජිතයකුගේ ඉරණම STF වෙඩි පහරින් විසදෙයි

|Sat,09 June 2018 13:33|Security| Page Views : 91

අලුත් පුවත්
හිටපු පකිස්තාන් අගමැතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්
උතුරු පළාතේ සංචාරක කාර්යාලයක්
තරඟ කිරීමට සූදානමින් සිට්නනෙමු
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
මදුරු කීට ඝණත්වය ඉහළ යයි
ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි
 
පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල නායකයෙක් වන ඉරේෂ් සහ තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන "ජනා" මිය ගොස් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් අප වෙත ප්‍රකාශ කර සිටියේ ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් වන මාකදුරේ මදුෂ් සහ අංගොඩ ලොක්කා යන දෙදෙනාගේ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරමින් පසුගිය කාල සිමාවේ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකළ පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයා මෙලෙස වෙඩි හුවමාරුවෙන් මරුමුවට පත්ව ඇති බවයි. එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතනයන් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් නඩු රැසක්ද අධිකරණය හමුවේ විභාග වන බව ඔහු සඳහන් කර සිටියා.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද (09) දහවල් මහනුවර, කටුගස්තොට මඩවල මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර වාරයේදී සැකකටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමට යාමේදී එහි සිටි පුද්ගලයෙක් ආරක්ෂක අංශ නිළධාරින් වෙත වෙඩි තබා තිබෙනවා.

එහිදී විශේෂ කාර්ය බලකායේ එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම පාතාල සාමාජිකයින් දෙදෙනා පැමිණි වෑන් රථයේ තිබී ගිනි අවි දෙකක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත්ව තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න