Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් තද සුළං

|Sun,10 June 2018 09.15|Special| Page Views : 9

අලුත් පුවත්
අද අලුයම රට පුරා කෙරුණු මෙහෙයුම
තවත් පාතාල සාමාජිතයකුගේ ඉරණම STF වෙඩි පහරින් විසදෙයි
හිටපු පකිස්තාන් අගමැතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්
උතුරු පළාතේ සංචාරක කාර්යාලයක්
තරඟ කිරීමට සූදානමින් සිට්නනෙමු
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප‍්‍රදේශවල තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජුනි මස (11) වැනිදා දක්වා මෙම සුළං තත්ත්වය පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පෙන්වා දෙනවා.

මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් මතු වුණා. කුරුණෑගල -කුඩාගල්ගමුව ප‍්‍රදේශයේ නිවාස 40 කට හානි සිදුව තිබෙනවා.

එම ප‍්‍රදේශයේ මෙන්ම හැටන් සහ මාතලේ ප‍්‍රදේශවලද ගස් කඩා වැටීමෙන් අතුරු මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා මතු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපයුමද ඇණහිට තිබුණා.

දිවයින හරහා විශේෂයෙන් තවදුරටත් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න