Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

|Sun,10 June 2018 11.35|Security| Page Views :

වැල්ලවාය කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තෙලුල්ල ප්‍රදේශයේ දී අද (10)අලුයම පහට පමණ සිදු වූ අනතුරකින් තණමල්විල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම පොලිස් නිලධාරීයා ඊයේ (09) රාත්‍රි සිය රාජකාරි නිමවා යළි නිවස බලා යමින් සිටියෙදී ඔහු ගමන් ගත් යතුරු පැදිය නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වැල්ලවාය වෙහෙරයාය ලිපනයේ පදිංචි වයස අවුරුදු හතලිස් එකක දෙදරු පියෙකු බව පොලීසිය පවසයි.

අනතුරින් පසු ඔහු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මෘත දේහය වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කුඩාඔය පොලීසිය සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න