Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොදෙව්වන් ජය උදුරා ගනී

|Mon,11 June 2018 08.20|Miscellaneous| Page Views : 159

අලුත් පුවත්
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
විනෝද ගමන කදුලකින් නිමාවෙයි
අගමැති කටාර් යයි
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට
ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්
පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
පොහොර ගබඩාවේ වහල සුළගේ යයි
 
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමිවුනා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයන් සහ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දැඩි අසාර්ථකත්වයක් මෙම තරගය පුරා දකින්නට ලැබුණා.

කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න