Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැලණි - මහවැලි ජල මට්ටම ඉහළට

|Mon,11 June 2018 10.58|Special| Page Views : 118

අලුත් පුවත්
තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සූදානම් වෙයි
BC ආකෘති පත්‍ර ඉක්මනින් භාර දෙන්න
වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක්
තැපෑල අද සිට වර්ජනයේ
කොදෙව්වන් ජය උදුරා ගනී
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
විනෝද ගමන කදුලකින් නිමාවෙයි
අගමැති කටාර් යයි
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැලණි සහ මහවැලි ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව, විදුලිබල මණ්ඩලය පවසනවා.

ලක්ෂපාන සංකීර්ණයේ විදුලි බලාගාර සියල්ල මේ වන විට උපරිම මට්ටමෙන් ක්‍රියාත්මකයි. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3ක්ද, කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් ද ඊයේ විවෘත කෙරුණා. නොර්ටන්බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න බවයි, අප වාර්තාකරු පවසන්නේ. කොත්මලාඔය ජලාශයේ එක් වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා. හැටන් - නුවරඑළිය, හැටන් - නෝර්ටන්බ්‍රිජ් ඔස්සේ මස්කෙළිය, මාර්ගයේත්, තලවකැලේ සෙන්ට්කෙයාර් ප්‍රදේශයේ පස්කඳු කඩා වැටීම නිසා, රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර තිබෙනවා.

මෙම මාර්ගයේ ඊයේ ත්‍රීරෝද රථයක් හා යතුරු පැදිය්ක ගැටීමෙන් අනතුරක් ද සිදුවුණා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් තද සුළං පවතින බවයි, වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න