Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලිපියේ භාගයක් ලියා ඇත

|Mon,11 June 2018 12.05|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මිග්න් ලබාදුන්නත්, නොදුන්නත්, මා පක්‍ෂයෙන් ඉවත් වන්නෙමි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්‍ෂයක් වන ඉලංගෙයි තමිලරසු පක්‍ෂය තුල තමන්ට එරෙහිව කටයුතු සිදුකරන බවට තොරතුරු හෙලීවි ඇති බවත්, ඉලංගෙයි තමිලරසු පක්‍ෂය අඛණ්ඩව ඔබට විරුද්ධව විවේචනයක් ඉදිරිපත් කරමින් සිටියි යන්න මාධ්‍ය විසින් නැගු පැනයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මා දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළුවට විසඳුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිගෙන, මා එම පක්‍ෂයට පැමිණියෙමි.

මෙවැනි පසුබිමකදී, එම පක්‍ෂයෙන් ඉවත්වීම සඳහා අස්වීමේ ලිපියේ භාගයක් ලියා ඇති අතර, ඉතිරි වී ඇත්තේ සුළු ප්‍රමාණයකි. මෙවැනි තත්වයක දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළුවට විසඳුමක් ලබාදෙන අන්දමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ යුතුය.

එසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළත්, මා පක්‍ෂයෙන් ඉවත්වනු ඇත. නැතිනම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සකස් නොකරනවානම්, එහි සම්පූර්ණ වගකීම භාරගෙන, මා පක්‍ෂයෙන් ඉවත්වනු ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කර ඇත්තෙමි. නමුත්, මම පක්‍ෂයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කිසිවෙක් ඉදිරිපත් වීමට අවශ්‍ය නොමැත” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න