Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි

|Mon,11 June 2018 13.18|Special| Page Views : 158

අලුත් පුවත්
ලිපියේ භාගයක් ලියා ඇත
ලංකාවේ ධීවරයෝ සී ෂෙලස් හිදි අත්අඩංගුවට
රත්‍රන් සමග කාන්තාවක් රේගු අත්අඩංගුවට
දොඩංගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
බිරිඳ අලවංගුවකින් ගහලා සැමියා මරලා
මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි
කැලණි - මහවැලි ජල මට්ටම ඉහළට
තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සූදානම් වෙයි
 
Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පුහුණුකරු වන ජෝන් මැටෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික නායකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළු දෙකක් සඳහා ජෝන් මැටෝන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

The Knowledge Forum සහ CEO’s Forum ලෙසින් පවත්වනු ලබන මෙම වැඩමුළු දෙක පිළිවෙලින් හෙට (ජූනි 12) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සහ අනිද්දා (ජූනි 13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයකු , විධායක පුහුණුකරුවෙකු ලෙසින් ලෝක සම්භාවනාවට පාත්‍රව ඇති ජෝන් මැටෝන් මහතා IL Executive Coaching Process and Certification හි නිර්මාතෘවරයාද වේ. ලොව පුරා ප්‍රමුඛතම සමාගම්/ සංවිධාන 250 කට වැඩි ප්‍රමාණයක හා ලොව විශිෂ්ටතම විධායක මට්ටමේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසකගේ පුහුණුකරුවා ලෙසින් ජෝන් මැටෝන් මහතා ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න