Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජගිරිය ගුවන් පාලමේ තොරතුරු රැස් කරයි

|Mon,11 June 2018 13.25|Special| Page Views : 179

අලුත් පුවත්
විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි
ලිපියේ භාගයක් ලියා ඇත
ලංකාවේ ධීවරයෝ සී ෂෙලස් හිදි අත්අඩංගුවට
රත්‍රන් සමග කාන්තාවක් රේගු අත්අඩංගුවට
දොඩංගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
බිරිඳ අලවංගුවකින් ගහලා සැමියා මරලා
මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි
කැලණි - මහවැලි ජල මට්ටම ඉහළට
 
රාජගිරිය ගුවන් පාලමේ ව්‍යූහගත සංඛ්‍යාත සහ ආතතිය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරිම මේ දිනවල සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් අදාළ තොරතුරු රැස්කිරිම සිදු කරන බව එම අධිකාරිය සදහන් කළේය.

ඔවුන් සිදු කරන පර්යේෂණවලින් අනතුරුව රාජගිරිය ගුවන් පාලමේ ව්‍යූහගත සංඛ්‍යාත සහ ආතතිය සම්බන්ධයෙන් වු තොරතුරු ඇතුළත් වාර්තාවක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදීමට නියමිතව තිබේ.

එම වාර්තාව මූලික දත්ත පද්ධතියක් වශයෙන් පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර ඉදිරියේදී රාජගිරිය ගුවන් පාලමේ නඩත්තු කටයුතු සංරක්ෂණ කටයුතු යනාදිය අදාළ තොරතුරු පදනම් කර ගනිමින් සිදු කිරිමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර රාජගිරිය ගුවන් පාලම අවට සවස් කාලයේදී ඇති වන වාහන තඳබදය අවම කිරිම සඳහා සේවා මාර්ගවල ඉදිකිරිම් කටයුතු අවසන් කර තිබේ.

කොළඹ සිට බත්තරමුල්ල දක්වා සහ කොළඹ සිට ඇතුල් කෝට්ටේ දක්වා එම සේවා මාර්ග ඉදිකර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම හරහා රාජගිරිය ගුවන් පාලම අවට සවස් කාලයේදී ඇතිවන රථ වාහන තඳබදය අවම කිරිමට හැකියාව ලැබෙනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න