Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි

|Mon,11 June 2018 14.10|Special| Page Views :

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණය නිසා තමන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බව පවසමින් ජනප්‍රිය රංගන ශිලිපිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ලැබුවා.

මේ හා සමාන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බලා විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න නියෝගය ජූනි මස 18 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් මෙම පෙත්සම් ජූලි මස 16 වැනිදා ට කල් තැබුණා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නිෂාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බී ප‍්‍රනාන්දු, සමනලී ෂානිකා ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දීපාන්ජලී අබේවර්ධන, සබ්රීනා එසුෆුලි, ෂාරන්‍ය සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන පිරිස විසින්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14 (1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩවී ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කර සිටිනවා.

තවද ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව අත්සන් කර ඇති කාන්තා අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අන්තර් ජාතික සම්මුතීන් කිහිපයක් උල්ලංඝනය වන බවද පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න