Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ

|Tue,12 June 2018 09.30|Political| Page Views : 68

අලුත් පුවත්
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි
රාජගිරිය ගුවන් පාලමේ තොරතුරු රැස් කරයි
විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි
ලිපියේ භාගයක් ලියා ඇත
ලංකාවේ ධීවරයෝ සී ෂෙලස් හිදි අත්අඩංගුවට
රත්‍රන් සමග කාන්තාවක් රේගු අත්අඩංගුවට
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සේවකයින්ගේ, සේවයට පැමිණිමේ හා පිටවීමේ වේලාවන් සම්බන්ධයෙන් මාස කිහිපයක සිට මතු වී ඇති ගැටළුවට නිසි විසඳුමක් ලබා නොදීම නිසා, එම අංශයේ නිශ්පාදන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් මේ නිසා ධාවන තත්වයේ පවතින දුම්රිය එන්ජින් ප‍්‍රමාණය 65 සිට 48 දක්වා පහල බැස ඇති බවත් සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු නොකර තවත් කාලයක් ගත වුවහොත් ධාවනයට එක් කළ හැකි දුම්රිය එන්ජින් ප‍්‍රමානය තවත් අඩු වී යාහැකි බව පෙන්වා දෙන එම සංගමය, දුම්රිය එන්ජින් වල නඩත්තු කටයුතු දෛනිකව සිදු නොවීම මත දුම්රිය අවලංගු කිරීම, එන්ජින් අතරමග නතරවීම ආදිය සිදුවිමට ඉඩ ඇති බව පවසයි.

මේ මගින් දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය බිඳ වැටෙන අතර, දුම්රිය මගින් අනවශ්‍ය පීඩාවකට ද ලක්විය හැකි බව ඔවුන් පවසයි.

රත්මලාන ප‍්‍රධාන යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ මාස ගණනාවක් තිස්සේ මතු වි ඇති මෙම ගැටළුව විසඳීම සඳහා දුම්රිය නිලධාරීන්ගෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතත්, නිශ්චිත වේලාවක් නියමකර නිසි විසඳුමක් ලබා දීමට එම කමිටුව මෙතෙක් අපොහොසත් වී ඇත.

ඒ හේතුවෙන් මෙම ගැටළුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින එම සංගමය මේ පිළිබදව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලිඛිතව ද දැනුවත් කර ඇති බව ද පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න