Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙන්න තීරණය කරයි

|Tue,12 June 2018 10.15|Security| Page Views : 67

අලුත් පුවත්
අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !
‍තැපැල් වැඩ නවතියි !
රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි
 
ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබේ.

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට 12 දක්වා අඩු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ(11) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා වසරක කාලයක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යවරයා එහිදි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

සිය ඉල්ලීමට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 18 වන දින පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට මීට පෙර තීරණය කර තිබූ අතර අද(12) දිනයේ විධායක සභාව රැස් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න