Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

|Wed,13 June 2018 07.40|Security| Page Views : 16

අලුත් පුවත්
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් ලදී
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි
මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙන්න තීරණය කරයි
අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !
‍තැපැල් වැඩ නවතියි !
 
නාදුනන තුවක්කුකරුවන් කළ වෙඩි තැබීමකින් කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් හිමිනමක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රී 11.00ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ය.

තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

වෙඩි තැබීමට තුවක්කුකරුවන් තුන් දෙනෙකු පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් මෝටර් රථයකින් පළා ගොස් තිබේ.

කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී වෙඩි තැබීම කර ඇති බව පරීක්ෂණවලදි හෙළිවූ බව පොලීසිය සඳහන් කළේ ය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න