Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හමුදා නිලධාරිවරයාගේ සමුගැනීමේ උත්සවයේදී

|Wed, 13 Jun 2018 08:40|Political| Page Views : 81

අලුත් පුවත්
හය දෙනෙක් ගිනිඅවි හතරක් සමඟ මාට්ටු
රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට
උතුරු මහඇමැති යුද සැමරුමට දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති
අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත් වෙලා
වැඩියෙන් ගෙවන්න ඉල්ලා තවත් කැබිනට් සංදේශයක්
කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් ලදී
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි
 
“විශ්වමඩු ප්‍රදේශයේ සේවය කළ හමුදා නිලධාරියෙකු වන කර්නල් බන්දු රත්නප්‍රිය එම ප්‍රදේශයෙන් ස්ථාන මාරුවීම් ලබා සමුගැනීම නිමිත්තෙන් පැවති උත්සවයේදී දෙමළ ජනතාව සහ හිටපු සටන්කාමීන් කදුළු සලා ඇත. එය දෙමළ ජනතාවගේ මෝඩකමකි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

2018.06.11 වන දින යාපනය මාධ්‍ය සංගමය විසින් පැවති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත. එයට සහභාගිවි වූ අවස්ථාවේදී, මාධ්‍යවේදීයෙකු විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.‍

“මෙම හමුදා නිලධාරියා යහපත් පුද්ගලයෙකි. විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව මෙම සමුගැනීමේ උත්සවය පවත්වා තිබුණානම්, එය පිළිගැනීමට හැකිය. නමුත්, හිටපු සටන්කාමීන් මෙම උත්සවය පැවැත්වීම පිළිගැනීමට නොහැකි කරුණකි. හිටපු සටන්කාමීන් මෙම උත්සවය පැවැත්වීම, ‘දෙමළ ඊළාම් පිපාසය දෙමළ ජනතාගේ මාතෘභූමියයි’ යන ප්‍රතිපත්තියෙන් තමන්ගේ ජිවිත පරිත්‍යාග කර, විර මරණයට පත්වූ මහවිරුවන්ට සිදුකරන ද්‍රෝහිකමකි.

හමුදා නිලධාරියා යහපත් පුද්ගලයෙක් විය හැකිය. ප්‍රදේශයට අණදෙන නිලධාරියාද විය හැකිය. එය වෙනත් කරුණති. නමුත්, ඒ සඳහා සිය ගණනක් දෙමළ ජනතා රැස්වී මෙම උත්සවය පවත්වා, ඔහුව උරහිස මත තබාගැනීම අපගේ දෙමළ ජනතාවගේ මෝඩකමකි” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න