Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වවිද්‍යාලයේ සිසුන් මුදල් ප්‍රතික්ෂේප කර ඇත!

|Wed, 13 Jun 2018 10:40|Political| Page Views : 66

අලුත් පුවත්
හමුදා නිලධාරිවරයාගේ සමුගැනීමේ උත්සවයේදී
හය දෙනෙක් ගිනිඅවි හතරක් සමඟ මාට්ටු
රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට
උතුරු මහඇමැති යුද සැමරුමට දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති
අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත් වෙලා
වැඩියෙන් ගෙවන්න ඉල්ලා තවත් කැබිනට් සංදේශයක්
කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් ලදී
 
මුල්ලිවායික්කාල් අනුස්මරණය සැමරීමේ වැඩසටහන සඳහා උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්.තවරාසා විසින් ලබාදුන් මුදල් නැවත තමන් වෙත ලබාදෙන මෙන් පසුගිය සැසිවාරයේදී ඉල්ලීමක් කර ඇත. එම මුදල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් ජනතාවගෙන් එකතුකර, 2018.06.12 වන දින උතුරු පළාත් සභාවට රැගෙන ගොස් ඇත.

2018.05.18 වන දින මුල්ලිවායික්කාල් අනුස්මරණ සැමරීමේ වැඩසටහන උතුරු පළාත් සභාව විසින් පවත්වන බවට දැනුම් දි තිබුණි. මේ සඳහා උතුරු පළාත් සභාවේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් රුපියල් 7000 මුදලක් එකතු කර ඇත. එනමුත්, 2018.05.18 වන දින මුල්ලිවායික්කාල් අනුස්මරණ සැමරීමේ වැඩසටහන උතුරු පළාත් සභාව විසින් නොපැවැත්වු හේතුවෙන් තමන්ගෙන් එකතු කළ මුදල් නැවත ලබාදෙන මෙන් පසුගිය උතුරු පළාත් සභා සැසිවාරයේදී එස්.තවරාසා විසින් ඉල්ලීමක් කර ඇත. නමුත්, එම මුදලින් අනුස්මරණය වැඩසටහන සමරූ බව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් ප්‍රකාශ කර ඇත.

මෙවැනි පසුබිමකදී, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්, මහජනතාවගෙන් රුපියල් 7000 මුදලක් එකතුකර, උතුරු පළාත් සභාවට රැගෙන ගොස් ඇත. නමුත්, එය උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් ප්‍රතික්ෂේප කර ඇත.

ඉන් අනතුරුව, ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේෂ්වරන් වෙත එම මුදල ලබාදීමට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් උත්සාහ කළ අවස්ථාවේදී, අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, “අප මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය සැසිවාරයේදී සාකච්ඡා පැවැත්වූ‍වෙමු. එබැවින්, මෙම මුදල අපට ලබාගැනීමට නොහැකිය. ඔබලාට විපක්‍ෂනායක එස්.තවරාසා සමග කතා කිරීමට හැකි නමුත්, අද දින පැවති සැසිවාරයට ඔහු සහභාගි වූයේ නොමැත” යනුවෙන් සි.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න