Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොත් කියවීම සිරකරුවන්ටත් හුරු කිරීමෙන් නීතිගරුක පුරවැසියන් බිහිකළ හැකිය

|Thus, 14 Jun 2018 08:10|Miscellaneous| Page Views : 37

අලුත් පුවත්
කාර්යාල තුනකින් සංවර්ධන ව‍්‍යාපෘති තොරුතුරු ලබාගැනේ
පූර්වාදර්ශ ප්‍රදේශයක් ලෙස වෙනස්කිරීමට
විශ්වවිද්‍යාලයේ සිසුන් මුදල් ප්‍රතික්ෂේප කර ඇත!
හමුදා නිලධාරිවරයාගේ සමුගැනීමේ උත්සවයේදී
හය දෙනෙක් ගිනිඅවි හතරක් සමඟ මාට්ටු
රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට
උතුරු මහඇමැති යුද සැමරුමට දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති
අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත් වෙලා
 
මෙරට සිරගෙවල් තුළ සිටින පිරිස ද පොත් කියවීමට හුරු කරමින් නීතිගරුක පුරවැසියන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී අද (13) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා වටිනා බවයි.

ඔවුන් පොත් කියවා ඒ සම්බන්ධ විචාරයන් ද ඉදිරිපත් කිරීම සඳහා පොළඹවාලීමට කටයුතු කර ඉන් ඉහළ ප්‍රගතියක් පෙන්වන පුද්ගලයන් සඳහා නීතිමය වශයෙන් හානියක් සිදු නොවන ආකාරයට යම් සහනයක් ලබාදීමට ද අවස්ථාව ලැබුණ හොත් ඉතා වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

යළිත් වරදක් නොකරන පුද්ගලයන් බවට එම පුද්ගලයන් පත් කිරීම සඳහා පොත් කියවීම යොදා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න