Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ ජනපති නිරීක්ෂණ චාරිකාවක

|Thus, 14 Jun 2018 09:22|Security| Page Views :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) දහවලෙහි පුත්තලම දිස්තික්කයේ මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබදව ද අවධානය යොමු කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සදහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.

පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න