Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීන ආධාර මත රොහල් 13 ක් සංවර්ධනයට පියවර

|Thus, 14 Jun 2018 09:40|Security| Page Views : 47

අලුත් පුවත්
මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ ජනපති නිරීක්ෂණ චාරිකාවක
දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළට. – ජනපති
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ
පොත් කියවීම සිරකරුවන්ටත් හුරු කිරීමෙන් නීතිගරුක පුරවැසියන් බිහිකළ හැකිය
කාර්යාල තුනකින් සංවර්ධන ව‍්‍යාපෘති තොරුතුරු ලබාගැනේ
පූර්වාදර්ශ ප්‍රදේශයක් ලෙස වෙනස්කිරීමට
විශ්වවිද්‍යාලයේ සිසුන් මුදල් ප්‍රතික්ෂේප කර ඇත!
හමුදා නිලධාරිවරයාගේ සමුගැනීමේ උත්සවයේදී
 
චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ග්ත රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සදහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල් මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, මැදිරිගිරිය මුලික රෝහල, පදවිය මුලික රෝහල,වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම රෝහල්වල බාහිර රෝගී අංශය, සායන සංකීර්ණ, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, බෝනොවන රෝග ඒකක, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ වාට්ටු සංකීර්ණ ඇතුලු තවත් සේවා ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන 30 ක් වටිනා වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට ද කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස අළුත්ගම ප්‍රා දේශිය රෝහලේ වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ බෝනොවන රෝග ඒකකය ඉදිකිරීමට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වන දා පෙරවරු 10.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න