Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ...

|Fri,22 June 2018 11.30|Security| Page Views :

මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු, පිරිමියකු සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කොල්ලකරුවකු ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් ඇතැයිද පැවසෙනවා.

කොල්ලකරුවන් පිරිසක් විසින් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකා පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය හා කොල්ලකරුවන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට වෙඩි වැදුනු පොලිස් නිලධාරීන් තිදෙනකු සහ කාන්තාවක් හා පිරිමියකු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. එක් පොලිස් නිලධාරියකුගේ තත්වය බරපතල බැවින් ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා














www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න