Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිගදන්තු සැඟවිලා

|Mon,25 June 2018 13.05|Crime| Page Views : 21

අලුත් පුවත්
අපිට ඉහළ අහසේ වායුව ලෝකෙටම වඩා වෙනස්ලූ
තැපැල් සේවකයෝ අදත් වර්ජනයේ
බඹරු ඇවිස්සි පාසල් ළමුන් 05ක් රෝහලට
බදුල්ලේ හොර කල්ලියක් අල්ලයි
යතුරුපැදි අනතුරින් හමුදා සෙබලා අවසන් ගමන් යයි
දිවියා මරූ තවත් හතරක් අල්ලයි
පලතුරු ගස් කපන්න බලපත්‍ර ඔිනෑ
 
ඉකුත් 18 වෙනි දින සිට ආගියඅතක් නොමැතිව සිටින කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහනයේ සිටින විශාලතම ඇතා සහ දිගම දළ යුගලයට හිම්කම් කියන ඇතා පිළිබඳ මේ වන තෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

දැනට වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසුවෙන මෙම ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා. වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට දිගදන්තු 01 ඇතා සොයා දිවා රාත්‍රි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත හා අනුරාධපුරය පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් මේ ඇතාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබුණා.

ඉකුත් 22 වැනිදා දිනයේ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිතව තිබී ඇති නමුත් ඇතා සැරිසැරූ ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී ඇතා නිරීක්ෂණය නොවීම නිසා මෙම මෙහෙයුම් කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුලත් කලාවැව රක්ෂිතය තුලත් දිවා රාත්‍රි දෙකේම සිදු කිරීමට පියවර ගෙන තිබුණා.

මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක නමුත් ඇතා සොයා ගැනීමට නොහැකිවූ බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවා.

බඳින ලද තුවක්කුවකින් වෙඩි වැදී ඇතාගේ ඉදිරි වම් පදයට බරපතල තුවාල සිදුව තිබුණා. ඇවිද ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්වයෙන් සිටි මෙම ඇතාට අවස්ථා තුනකදී මීට පෙර ප්‍රතිකාර කටයුතු සිදුකර තිබු අතර අවසන්වරට ඉකුත් 18 වෙනි දින ඇතාව නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කෙරුණා.

මේ වනවිට ඇතා සෙවීමේ මෙහෙයුම ගල්ගමුව, රැස් වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන බවද එම වනජීවි නිලධාරියා පැවසුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න