Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සියළුදෙනා සමඟියෙන් කටයුතු කල යුතුය

|Tue,26 June 2018 12.05|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මෙරටේ වත්මන් තත්වය පිළිබඳව සිතා මතභේද අමතක කර, සියළුදෙනා සමඟියෙන් කටයුතු කල යුතුය. ඒ ආකාරයෙන් සමඟි නොවී වෙන්වී කටයුතු කළහොත්, අපගේ ජනතාව අප විසින්ම විනාශ කිරීමක් ලෙස සකස්වනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

යාපනයේ වීරසිංගම් ශාලාවේදී 2018.06.24 වන දින පැවති ‘විනිසුරුවරයා කතා කරයි’ යන ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනට සහභාගිවී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දිනාගැනීමට නම්, දෙමළ ජනතාව ඒකාබද්ධවී කටයුතු කල යුතුය. 2015 වර්ෂයේ මෙරටේ ආණ්ඩු බලය වෙනස් කිරීම සඳහා වන බලයක් ඇති බව දෙමළ ජනතාව ක්‍රියාවෙන් පෙන්වා තිබුණි. පසුගිය කාලයේ අප බොහෝ අවස්ථා අහිමි කරගෙන ඇත්තෙමු.

මෙවැනි පසුබිමකදී, අප ඉදිරියේ ඇති අවස්ථා අපතේ යැවීමට නොහැකිය. එබැවින්, දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සඳහා අප සියළුදෙනා ඒකාබද්ධවී කටයුතු කළ යුතුය.

විමුක්ති කොටීන්ව විනාශ කිරීමට විදේශීය රටවල් සහයෝගය ලබාදුන් බවත්, ඒ වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් ලබාදෙන බවටත් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක් ලබාදී තිබුණි. නමුත්, දේශපාලන විසඳුමක් ලබාදීමේ කරුණේදී වත්මන් රජය පසුබෑමකට ලක්වී ඇත. විමුක්ති කොටින්ගේ කාලයේදී පවා, දෙමළ ජනතාව සඳහා වන විසඳුමක් ලබාදීම සම්බනධයෙන් ශ්‍රී ලංකා රජය බොහෝ යෝජනා ඉදිරිපත් කර තිබුණි.

නමුත්, ඒවා කිසිවක් ක්‍රියාවට නංවා නොමැත” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානය අතර බෙදීමක් ඇතිවී ඇති බවත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට නියමිත බවටත් පසුගිය කාලයේ පුවත් පලකර තිබුණි.

මෙවැනි පසුබිමකදී, දෙමළ දේශපාලඥයින්ගේ සමඟිය අවධාරණය කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මෙහිදී කතා කර තිබූ බව සඳහන් කළ යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න