Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා පැහැදිලිය

|Tue,26 June 2018 12.15|Political| Page Views : 34

අලුත් පුවත්
සියළුදෙනා සමඟියෙන් කටයුතු කල යුතුය
STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්
කුසල් ජනිත් අනතුරකට ලක්ව රෝහල්ගත කෙරේ
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
මුහුදු ප්‍රදේශවලට වැසි
මරදාන අවට වාහන ධාවනයට බාධා
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවගේ දේශපාලන තත්වය මේ වනවිට කණගාටුදායක ලෙස වෙනස්වී ඇත. පක්‍ෂ වශයෙන් අප වෙන්වී සිටින්නෙමු. නමුත්, අපගේ බොහෝ දේශපාලන පක්‍ෂයන්හි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත කරුණුවල දැකගැනීමට ඇති මතභේද ඉතා අල්පය.

2013 වර්ෂයේ නිකුත්කල අපගේ පක්‍ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගනිමින් මා මාගේ අදහස් ප්‍රකාශ කළෙමි” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අපගේ උතුරු පළාත් සභාවේ යෝජනා සහ දෙමළ ජනතා සංසඳය විසින් රජයට භාරදුන් යෝජනා අතර ප්‍රබල මතභේදයක් ඇතිවී නොමැත. ඒවා 2013 වර්ෂයේ නිකුත්කල අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගනිමින් සකස්කල යෝජනා වේ.

එසේ නම්, විකල්ප ප්‍රතිපත්ති දරණ පුද්ගලයින් සමඟ ඒකාබද්ධ වන්නේ මන්ද? එකම ප්‍රතිපත්තියක් ඇති පුද්ගලයින් සමඟ මතභේදයක් ඇතිකරන්නේ මන්ද? දෙමළ ජනතාවගේ පෞද්ගලික මානසිකත්වය එහිදී අනාවරණය වනු ඇත. මූලික වශයෙන් අප ජනවරමට අවනත විය යුතුය. නමුත්, අසල්වාසීන්ට සහයෝගය ලබාදී කටයුතු කිරීමට නොහැකි පුද්ගලයින් ලෙස අප සිටින්නෙමු.

එය මෙරටේ පමණක් නොව, විදේශීය රටවල ජීවත්වන ජනතාව අතරද දැකගැනීමට ඇති ගුණාංගයකි. තමන්ට වඩා කිසිවෙකුත් ඉදිරියට නොයා යුතුය යන කරුණේදී වැඩි උනන්දුවක් දක්වමින් සිටියි. ඒ හේතුවෙන්, අපගේ ජාතිය ව්‍යාකූල තත්වයට පත්වීමටත්, ගෞරවයක් නොමැතිවන තත්වයක් දැකගැනීමට ඇත” යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න