Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කථානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ...

|Thu,28 June 2018 10.25|Political| Page Views : 162

අලුත් පුවත්
පෞද්ගලික පාසල්වලට නව නීති
ඛනිජ තෙල් මිල ගණන් යාවත්කාලීන කිරීමට කමිටුවක්
පොඩිමැණිකෙට ජීවිතයක් බිළිවෙයි
තැපෑලට කෝටි 200කට අධික පාඩුවක්‌
අනතුරකට ලක්වූ කුසල් ලංකාවට ජය ගෙනෙයි
දන්සැල් පරීක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්..
පොලිස්පතිවරයා මාතර සංචාරයක
 
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයෙ.

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

අදාළ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇත.

මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින් කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියොජිතයින් ද මෙම සාක්ඡාව සඳහා සහභාගී වීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න