Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හතකට බලපෑම්

|Fri,29 June 2018 11.28|Special| Page Views : 137

අලුත් පුවත්
ජූලි මාසය වන විට එළවලු මිල සාමාන්‍ය අතට
මීගමුවේදී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක්
පුත්තලමේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට
වාලම්පුරියක් සමග 7 ක් අත්අඩංගුවට
වැවක තිබී ගිනි අවියක් සොයාගනී
දැරිය අපයෝජනය කල පුද්ගලයා අත්අඩංගුවට
හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට
පොලිසියට එරෙහිව පැමිණිලි 625ක්
 
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්‍රමාණයක් අති දුෂ්කරතාවයට මෙන්ම පානීය ජල ගැටලුවකට මුහණපා සිටියි.

මෙම ගැටලුවට මුහුණපා සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 30408කට අයත් පුද්ගලයන් 110,156ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 828කට අයත් පුද්ගලයන් 3648ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 21,272කට අයත් පුද්ගලයන් 72,263ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163 ක්.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 726කට අයත් පුද්ගලයන් 14,155ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 30 කට අයත් පුද්ගලයන් 120ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේපවුල් 3374 කට අයත් පුද්ගලයන් 10,145ක් පීඩාවට පත්ව සිටින අතර, අනුරාධපුර මහ විලච්චේනිය ප්‍රදේශයට හා නොච්චියාගම ප්‍රදේශවල පදිංචිව සිටින පවුල් 3374 කට අයත් පුද්ගලයන් 10,145ක් පානීය ජල ගැටලුවලට මුහුණදී සිටින්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිටය.

වර්ෂාව නොමැති කමින් පානීය ජල මූලාශ්‍ර සිඳීයාම නිසා බොහෝ පිරිසකට පානීය ජලය සොයා ගැනීමට කිලෝමීටර් ගණනක් ගමන් කිරීමට සිදුවී ඇති අතර එදිනෙදා කටයුතු මෙන්ම ගොවිතැන් කටයුතුවලින් ජීවත්වන ජනතාවට තම ජීවන මාර්ගද අහිමි වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න