Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රට තුළ ඉන්ධන හිඟයක් නැහැ

|Sat,30 June 2018 10.15|Special| Page Views :

රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට අසත්‍ය වාර්තා පැතිර ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එලෙස තෙල් හිඟයක් නොමැති බැවින් ජනතාව නොසන්සුන් නොවිය යුතු බව එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්ධන බෙදාහරින පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ වර්ජනයක් හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා පැමිණිය හැකි බවට කටකතා පැතිරෙමින් පවතින බව ඔහු පෙන්වා දි ඇත.

මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශවයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න