Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩුවන ලකුණු

|Sat,30 June 2018 13.40|Special| Page Views :

ගෑස් මිල පහළ යාමට සාපේක්ෂව තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 5 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බව ය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ මීට පෙර ගෑස් මිල ඉහළ දැමු අවස්ථාවේ කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි නොකළ බැවින් මෙවර ගෑස් මිල පහළ දැමු අවස්ථාවේ නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදු නොවන බව ය.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා පැවසුවේ ගෑස් මිල පහළ දමා තිබියදී පෙර මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය.

කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 138 කින් පහළ දැමුවේය.

ඒ, අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 කි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න