Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන නිෂ්පාදනය ඉහල දමන්න

|Sun,01 July 2018 10.10|Special| Page Views : 28

අලුත් පුවත්
මිලියන 13ක මත්ද්‍රව්‍ය ගිලලා ඇවිත්
මෙසීගේ ආජන්ටිනාවත් ලෝක කුසලානයෙන් ඉවතට
පාතාල සාමාජිකයින් දහඅටක් අත්අඩංගුවට
රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
වැඩි මිලට ගෑස් විකුණනවාදැයි සොයන්න අද මෙහෙයුමක්
අයියගේ පිහි පහරින් මල්ලී මරුට
ජනතාව දෙස හැරී බලනු
නැවතත් අමාත්‍යධූරයට!
 
වැඩිවෙන ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා දෛනික ඉන්ධන නිෂ්පාදනය ඉහළ දමන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබි රජුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් හරහා ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමන් සෞදි රජුට දුරකතනයෙන් ඒ සම්බන්දයෙන් සාකච්ජා කළ බවයි." දෛනිකව ඉන්ධන බැරල් මිලියන 2ක් වත් අවම වශයෙන් නිකුත් කිරීම තුලින් පවතින මිල ඉහළ යාම පාලනය කර ගැනීමට හැකි වේවි යැයි තමා යෝජනා කළ බවත් සෞදි රජු ඒ ගැන එකඟ වූ බව" ද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් කියා තිබුනා.

ඉදිරි දිනවල අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කරනු ඇති බවට පලවන වාර්තා හේතුවෙන් ඉකුත් සතියේ බොරතෙල් මිල යලි ඉහල ගියා.

ජනපති ට්‍රම්ප් සහ සෞදි රජු අතර දුරකථන සාකච්ජාවක් සිදුවූ බවට සෞදි පුවත් සේවය තහවුරු කර ඇති අතර දෛනිකව බොර තෙල් බැරල් මිලියන 02ක් නිෂ්පාදනය සඳහා සෞදි රජු එකඟ වුවාද යන්න ගැන තහවුරු කර නැති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න