Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩරට දුම්රිය මාර්ගයේ පාරිසර ගැටලු රැසක්

|Wed,04 July 2018 14.00|Special| Page Views : 276

අලුත් පුවත්
මහනුවර පිහිටුවෙන අලුත්ම ඒකකය
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්
ගැටුමකින් 174 බස් පාර වැසෙයි
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකකට අවලංගුයි
ගුරු සේවය අද නිවාඩු
අධ්‍යාපන වෘත්තීය සමිති ලෙඩ නිවාඩු
නව ජාතික අපනයන ප්‍රතිපත්තියක්
 
උඩරට දුම්රිය මාර්ගයට සහ මාර්ගය දෙපසට කැලි කසල බැහැර කිරීම නිසා පාරිසර ගැටලු රැසක් මතු වී ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ සේවකයන් සහ එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් පවසයි.

හැටන් දුම්රිය ස්ථානයේ සිට හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය දක්වා වු දුම්රිය මාර්ගයට ඉහළින් පදිංචිකරුවන් ඉතා සුක්ෂම ලෙස පොලිතින් උරවල බහ මෙසේ කැලි කසල දුම්රිය මාර්ගයේ දෙපසට සහ දුම්රිය මාර්ගයට ගෙනවිත් දමන බව එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් හා දුම්රිය සේවකයන් සඳහන් කළේය.

හැටන් දුම්රිය ස්ථානයේ සිට සිංගිමලේ දුම්රිය උමං මාර්ගය හරහා ඒ අවට තිබෙන තේ වතු ගණණාවකටම පිවිසිමට ඇති කෙටිම මාර්ගය වි ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගය බවත්, එම මාර්ගය ඔස්සේ දිනකට වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් පයින් ගමන් ගන්නා බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

එසේ දුම්රිය මාර්ගයේ පරිසරයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත්, ප්‍රදේශවාසින්ට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ද අපද්‍රව්‍යය දුම්රිය මාර්ගයට බැහැර කරන බව එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් වැඩි දුරටත් කියා සිටියේය. මේ පරිසර ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න