Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විරෝධතාවක් නිසා උණුසුම් තත්ත්වයක්

|Wed,04 July 2018 15.12|Security| Page Views : 133

අලුත් පුවත්
ලක්ෂ 48ක මැණික් රේගු අත්අඩංගුවට
උඩරට දුම්රිය මාර්ගයේ පාරිසර ගැටලු රැසක්
මහනුවර පිහිටුවෙන අලුත්ම ඒකකය
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්
ගැටුමකින් 174 බස් පාර වැසෙයි
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකකට අවලංගුයි
ගුරු සේවය අද නිවාඩු
 
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති සංඛේත වැඩවර්ජනයට සමගාමීව පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

වෘත්තිය සමිති නියෝජිතයින් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට පා ගමනින් විරෝධතා පුවරු රැගෙන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වේ.

මේ හේතුවෙන් කොට්ටාව - බොරැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර පොලීසිය විසින් එම කටයුතු යථා තත්ත්වයට පත් කරන අවස්ථාවේදී වෘත්තිය සමිති නියෝජිතයින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

අද දිනයේ ක්‍රියාත්මක සංඛේත වැඩවර්ජනය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

කෙසේ වෙතත් වර්ජනයට සහභාගී නොවී සේවයට වාර්තාකරන්නැයි විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම කාර්යමණ්ඩල වලින් පසුගිය දා ඉල්ලීමක් ද කළේය.

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් යැයි පවසමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරින්,විදුහල්පති,ගුරුසේවයේ නිළධාරින් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිළධාරින් අද අසනීප නිවාඩු දමමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතිශ්‍යයිම අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න