Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

|Thu,05 July 2018 10.42|Security| Page Views : 127

අලුත් පුවත්
ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා වෙළඳපොළට යවයි
පොලීසියේ ගවුම කොට කල නගරාධිපතිට අත්වූ ඉරණම
‘ආවා’ මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්
ජාතික විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට
හිටපු අගමැතිට චෝදනා රැසක්!
නිව්යෝක් ටයිම්ස් පුවත ගැන CID පරීක්ෂණයක්
පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක් !
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණය සඳහා චීනය විසින් මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් මඟින් සිදුකරන ලද අනාවරණය පිළිබඳව මෙහිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබේ.

මේ අතර පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මිය ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කොළඹට පැමිණි වහාම තමා හමුවන ලෙසට අග්‍රාමාත්‍යවරයා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මියට එරෙහිව විමර්ශන සිදුකරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න