Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි

|Thu,05 July 2018 13.00|Special| Page Views : 412

අලුත් පුවත්
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
Japanese Yen 100 bn loan for Section 3 of Central Expressway
හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්
තායිලන්ත අගමැති දිවයිනට
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා වෙළඳපොළට යවයි
 
සංචාරක බංගලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සර් විවියන් රිචඩ් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වූ අතර පළමු දිනට තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන කොදෙව් කන්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 201ක් ලබා සිටියේය.ඒ අනූව ඔවුන් බංගලාදේශ ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 158ක් ඉදිරියෙන් සිටියි. කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හොල්ඩ්ර් කාසිය වාසිය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව සංචාරකයින්ට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර තමන්ට හුරුපුරුදු තණතීරුවේ පන්දුව අතට ගත් ප‍්‍රබල කොදෙව්වෝ බංගලාදේශ ප‍්‍රථම ඉනිම ලකුනු 43කට සීමා කිරීමට සමත්විය.එය බංගලාදේශ කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් අඩුව ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. බංගලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වූ ලිතන් ඩයස් ලකුණු 25ක් රැුස් කළ අතර රූබල් හූසෙන් හැර(6*) අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 05 සීමාව පසුකිරීමට අවස්ථාව නොලැබිණි. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කෙමාර් රෝච් ලකුණු 08කට කඩුලු 05ක් දවා ගනිමින් බංගලාදේශ ඉනිම වැනසූ අතර අනගි සහයක් ලබාදුන් මිගෙල් කමින්ස් කඩුලු 03ක් ද ජේසන් හෝල්ඩර් කඩුලු 02ක්ද බිද දැමීය. අනතුරුව සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කිරීමට පැමිණි කොදෙව් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වන ක‍්‍රිග් බ‍්‍රත්වෙයිට් හා ඩෙවෝන් ස්මිත්(58) සමත්වූ අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 113ක් එක් කළේය. නොදෙැවී පන්දුවට පහරදෙන බ‍්‍රත්වෙයිට් හතරේ පහර 08ක් සමගින් ලකුණු 88ක් රැස් කරගෙන සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න