Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත!

|Thu,05 July 2018 13.33|Political| Page Views : 57

අලුත් පුවත්
කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
Japanese Yen 100 bn loan for Section 3 of Central Expressway
හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්
තායිලන්ත අගමැති දිවයිනට
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“විදේශීය රටවල ජීවත්වන සරණාගත දෙමළ ජනතාවගෙන් ප්‍රමාණයටත් වඩා ලැබෙන මුදල් ආධාර යාපනයේ සංස්කෘතික විනාශයන් සහ ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී පී.ඩෙනීෂ්වරන් පෙන්වාදී ඇත.

සුලිපුරම් කාට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචි රෙජීනා සිසුවියගේ ඝාතනය හෙළාදකිමිනුත්, රටපුරා ජීවත්වන කාන්තාවන් සහ ළමුන් වෙත සිදුකරන හිංසන හෙළාදකිමිනුත් 2018.07.03 වන දින මන්නාරම දිස්ත්‍රික්කයේ සමාජ සංවිධාන සහ ප්‍රජා සංවිධානවල සංවිධායකත්වයෙන් මන්නාරම මුරුංගන් රෝහල ඉදිරිපිටින් විරෝධතා පෙළපාලියක් ආරම්භ කර ඇත. එම පෙළපාලියට සහභාගිවී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධයට පෙර, හිටපු අපගේ නායකයින් ළමුන් සහ කාන්තාවන්ව ආරක්‍ෂා කලේ කෙසේද? යන්න සියළුදෙනා දන්නා කරු‍ණකි. නමුත්, එම ආරක්‍ෂාව අද නොමැත. වර්තමාන කාල පරිච්චේදයේදී, විදේශීය රටවල සිටින අපගේ ඥාතීන්, මෙරටේ ජීවත්වන ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට ප්‍රමාණයටත් වඩා මුදල් ලබාදීම, යාපනයේ සංස්කෘතික විනාශයන් සහ ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත” යනුවෙන් පී.ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත‍.

කතෝලික පූජකවරු, මානව හිමිකම් ක්‍රියාධාරින්, පාසැල් සිසුන්, ප්‍රජා සංවිධාන, ව්‍යාපාරිකයින්, කාන්තා සංවිධානවල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතා පෙළපාලියට සහභාගිවී ඇති අතර, එම විරෝධතා පෙළපාලිය මන්නාරම ප්‍රධාන මාර්ගය ඔස්සේ ගොස්, මුරුංගන් බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ ඇත. එහිදී, ඉල්ලීම් ඇතුලත් සංදේශයක් අදාල බලධාරින් වෙත භාරදෙන මෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී පී.ඩෙනීෂ්වරන් වෙත භාරදී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න