Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්

|Thu,05 July 2018 13.43|Political| Page Views : 59

අලුත් පුවත්
ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත!
කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
Japanese Yen 100 bn loan for Section 3 of Central Expressway
හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්
තායිලන්ත අගමැති දිවයිනට
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත Terencesty Jones සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර වැදගත් සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2018.07.03 වන දින පවත්වා ඇත.

එහිදී බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගත් යෝජනාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්.සම්බන්ධන්, “අදාල යෝජනාවේ නිර්දේශ කර ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

වත්මන් රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය ලබාදුන්නා පමණක් නොව, එම යෝජනාව ක්‍රියාවට නැංවීමට කාල අවකාශයක්ද ඉල්ලා ඇති අවස්ථාවකදී, එම යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාවද පිළිගෙන තිබුණි. එබැවින්, තමන් ලබාදුන් පොරොන්දුවලින් බැහැරවීමට වත්මන් රජයට නොහැකිවනු ඇත. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සිදුනොවන බවට තහවුරු කරන අන්දමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පැනනැගී ඇත.

මානව හිමිකම් කොමිසමේ යෝජනාවේ ඇති නිර්දේශවලට එය ඇතුලත් කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 1988 වර්ෂයේ සිට බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ වනවිට එය සකස් කිරීමට දේශපාලන කැමැත්ත සහ ධෛර්යක් තිබිය යුතු අවශ්‍යතාවයක් ඇත.

මෙම කරුණුවලදී, මෙරටේ ජනතාවටත්, ජාතීන්ගේ ප්‍රජාවටත් වත්මන් රජය ලබාදුන් පොරොන්දු ඉටුකරන අන්දමින් බලපෑම් එල්ලකරන අතර, අඛණ්ඩව මෙම කරුණු සම්බන්ධයෙන් අප සොයාබලන්නෙමු. දෙමළ ජනතාවගේ ඉඩම්වල හමුදාව විසින් ගොවිපලවල් පවත්වාගෙනයාමට අවසර ලබාදීමට නොහැකිය. දෙමළ ජනතාවගේ ජීවනෝපායට හානිවන මෙවැනි කටයුතුවලින් හමුදාව ඉවත්වී සිටිය යුතුය.

වත්මන් රජය අන්තවාදි පුද්ගලයින්ගේ කතාවලට අනවශ්‍ය මූලිකත්වයක් ලබාදීම, ජනවර්ග අතර අවබෝධයක් ඇතිකිරීමට බාධාවක් ලෙස සකස්වී ඇත. වත්මන් රජය බලයට පත්කිරීමේදී විශාල දායකත්වයක් ලබාදුන් දෙමළ ජනතාව, පසුගිය රජය විසින් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශයන්හි විශාල ප්‍රගතියක් නොදැක්වීම හේතුවෙන්, එම රජය පිළිබඳව අතෘප්තියට පත්වී තිබුණි. ඒ හේතුවෙන් එම රජය පරාජය කරන ලදි.

වත්මන් රජය රැකියා අවස්ථා ලබාදීමේදී දෙමළ තරුණයින්ව ප්‍රතික්ෂේප කරමින් සිටියි. මෙම කරුණු ක්‍රියාවට නැංවීමට වත්මන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. මුළු හමුදාවම වරදකරුවන් බව අප ප්‍රකාශ කරන්නේ නොමැත. නමුත්, බරපතල අපරාධ සිදුකර ඇති හමුදා සාමාජිකයින්ට දඩුවම් ලබාදිය යුතුය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, “ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම පෞද්ගලිකව සන්නද්ධ හමුදාවට භාරනොකර, රජය විසින් තීරණ ගෙන ඒවා ක්‍රියාවට නැංවිය යුතුය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත Terencesty Jones මහතා, “ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වුවත්, 2015 වර්ෂයේදී මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් යෝජනාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ඇමරිකාව මැදිහත්වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න