Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එළවළු සහ පළතුරු විජලනය කිරීමේ වැඩපිළිවෙළක්

|Fri,06 July 2018 12.20|Security| Page Views : 14

අලුත් පුවත්
මත්පැන් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
චීන සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
හෙට කොළඹ ස්ථාන කිහිපයකට ජල කප්පාදුවක්
ජාතික විගණන පනත් කෙටුම්පත සම්මත වෙයි
ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
මරාදැමු කොක්කු රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවේ
 
පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේදී ජර්මනියෙන්ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට යන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය යටතේ මෙම විජලන යන්ත්‍ර ආනයනය කරන වගා කරුවන්ට සහන ණය ලබාදිමට යන බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කිය.

ඉදිරියේදී කෙසෙල්, පේර , අඹ , වරකා , පැපොල් ආදී පළතුරු වර්ග මෙන්ම සමහර එළවළු වර්ගද විජලනය කොට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යන බවත් එළවළු සහ පළතුරු අපතේ යාම බොහෝදුරට මේ මගින් අඩු කර ගතහැකි බවත් අමරවීර මහතා සඳහන් කළේය.

2017 වසරේදී පිටරටින් ආනයනය කළ බඩඉරිගු සඳහා රුපියල් මිලියන 2227 ද ,මිදි ආනයනය සදහා රුපියල් මිලියන 2711ද ,කජු සදහා රුපියල් මිලියන 750ක්ද ,ඉගුරු සහ කහ සදහා රුපියල් මිලියන 1315ක්ද, කුරක්කන් සඳහා රුපියල් මිලියන 213ක්ද මී පැණි සඳහා රුපියල් මිලියන 431ක්ද වැය කොට ඇතැයි පැවසූ අමරවීර මහතා ඉදිරියේදී මේවා කළාප වශයෙන් මේ රටේදී නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බවද කීය.

ඒ අනුව බිබිල ප්‍ර දේශයේ පැණි දොඩම් කළාපයක් , කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉගුරු කළාපයක් , උතුරු පළාත මුල් කොට ගෙන මිදි කළාපයක් ,අන්නාසි බහුලව වැවෙන ප්‍ර දෙශ පදනම් කරගෙන අන්නාසි කළාපයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු කළාපයක්ද පිහිටවනු ඇත.

මෙම කළාපවලින් ලබා ගන්නා අස්වැන්න අපනයනය කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා පැවසිය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න