පුරාණ කුඩා වැව් ප්‍රතිසංස්කරණයට
|Fri,06 July 2018 12.30|Miscellaneous| Page Views :
73
|
|
පුරාණ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය රු.මි.9000ක් වෙන් කර තිබෙන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙරට වැව් පද්ධතිය තුළ 13,000ට අධික වැව් ප්‍රමාණයක් තිබේ. ඉන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රදා නොපැවතීම වැව් කන්ඩිය දුර්වල වීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසා කුඩා වැව් විශාල ප්‍රමාණයක් විධිමත් පරිදි කෘෂිකාර්මික කටයුතු වලට දායක කර ගැනීමට නොහැකි වී තිබේ.
එමෙන්ම ගොවින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී ගොවීහු රජයෙන් ඉල්ලා සිටියේ තම ගම්වල වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. එම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම අමාත්‍යෘංශය විසින් වැව් “දහසක් - ගම් දහසක්” වැඩසටහන යටතේත් ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල යටතේ මෙම වැව් පද්ධතියේ ප්රතිසංස්කරන වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ සඳහා රජය විසින් වැය කරන මුදල් ප්‍රමාණය රු.මි. 9000ක් පමණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඊයේ පස්වරුවේ (05) කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ සියලුම ආයතනවල නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැව් දහසක් - ගම් දහසක් වැඩ පිළීවෙල යටතේ මෙම වසරේදී වැව් දහසක් සහ එම වැව් යටතේ තිබෙන ගම් දහසක් සංවර්ධනය කෙරේ. ඒ යටතේ ගොවිතැන් කටයුතු නගා සිටුවීම, ක්ෂුද්රමුල්ය ණය පහසුකම්, වනාත සහ කට්ටකඩුව සංවර්ධනය, පැළ රෝපනය, බීජලබාදීම ඇතුලු ගොවිජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙහිදී වැඩිදුර අදහස් පලකළ අමාත්‍යවරයා මේ රජය තරම් ගොවිජයාට සහන සැලසූ වෙනත් රජයක් මෙතෙක් නොතිබුණ බවද, ගොවීන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු දායක මුදලක් අය නොකර හෙක්ටයාර එකකට රු.100,000 බැඟින් වගා හානි වන්දි ලබා දීමට රු.මි.5228ක් ද , පොහොර සහනාධාරය සඳහා රු.මි. 33,000ක් ද අනායනික කෘෂි උපකරණ සියල්ල තීරුබදු වලින් නිදහස් කර දී තිබෙන බවත් ප්‍රකාශ කළා.
ගොවිජනතාවට තවදුරටත් ඔවුන්ට ලබා දිය යුතු සහන වේ නම් ඒවාත් ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළා. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් බී. විජයරත්න මහතා ද සහභාගී වුණා.
|
|