Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේපල සොරාගැනිම් සම්බන්ධ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

|Sat, 07 July 2018 10.32|Security| Page Views :

නිවාස බිඳ දේපල සොරාගැනිම් සහ මහමග නවතා ඇති යතුරුපැදි සොරාගැනිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකකදී පිටකෝට්ටේ, කෝට්ටේ සහ හෝකන්දර යන ප්‍රදේශවලදි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරිම්වලින් පසු මීරිහාන, අතුරුගිරිය, තංගල්ල, වැල්ලම්පිටිය, කොලොන්නාව සහ බියගම යන ප්‍රදේශවල සිදු කළ විවිධ සොරාගැනිම් රැසක් පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් 18,19 සහ 24 හැවිරිදි වයස්වල පසුවන කොට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර යන ප්රිදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිත අතර මිරිහාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න