Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත

|Mon,09 July 2018 14.05|Political| Page Views : 21

අලුත් පුවත්
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ
වෙඩි වැදුණු නාගරික මන්ත්‍රි මිය යයි
මිලියන 50ක හෙරොයින් කටුනායකදී අල්ලයි
ජගත් පුරවර සමුළුව සිංගප්පූරුවේදී අද ඇරඹෙයි
ගායන ශිල්පිනී ප්‍රියානි ඝාතනය කරයි
අගමැති සිංගප්පූරුවට යයි
 
පරිවර්තනය කලේ(සංකදි24 වෙබ් අඩවිය)

උතුරු පළාත් සභාවේ ප්‍රවාහන සහ ධීවර අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් අභියාචනාධිකරණය වෙත නඩුවක් ගොනුකර ඇත. එහිදී අභියාචනා අධිකරණය විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත.

තමන්ව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම අවලංගු කරන මෙන් දැනුම්දෙන ලෙස උතුරු පළාත් අමාත්‍යවරයෙකු ලෙස සිටි පී.ඩෙනීෂ්වරන් අභියාචනා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම නඩුව විභාග කල නීතිඥවරු වන වික්‍රමසිංහ සහ ජනක ද සිල්වා යනාදින් ඇතුළු සැසිවාරය පසුගිය සතියේ ලබාදුන් අතුරු වාර්තා නියෝගයේ පී.ඩෙනීෂ්වරන්ව අමාත්‍යධූරයෙන් ඉවත්කල ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ නියෝගය අවලංගු කරන බවත්, ඔහු අඛණ්ඩව අමාත්‍යවරයෙකු ලෙස සිටින බවත් එම පෙත්සමේ සඳහන් කර ඇත.

ඉන් අනතුරුව, ඔබ සමග අමාත්‍ය මණ්ඩලයේ සිටින අමාත්‍යවරු 05 දෙනාගෙන් කවුද? යන්න ලිඛිතව දැනුම්දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත ලිපියක් යවා ඇත. එම ලිපියට තවමත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබාදී නොමැත.

මෙවැනි පසුබිමකදී, අභියාචනා අධිකරණය විසින් නිකුත් කල අතුරු වාර්තා නියෝගයට එරෙහිව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ අතරම, ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව අභියාචනා අධිකරණයේ පැවැත්වෙමින් තිබෙන එම නඩුව නැවතත් පරීක්‍ෂණයට කැඳවීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න