Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට

|Tue,10 July 2018 10.30|Special| Page Views : 13

අලුත් පුවත්
රු.මිලියන 3ක හෙරොයින් අත්අඩංගුවට
රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට
මැල්සිරිපුර බස් අනතුරකින් 60 ක් රෝහලේ
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ
වෙඩි වැදුණු නාගරික මන්ත්‍රි මිය යයි
 
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පෙදරේරුවෙක.මෙම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක සඟවා ගෙන තිබූ මෙම විදේශ මුදල් තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

එහි රුපියල් 27,65,006 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4433 ක් බ්‍රිතාන්‍ය පවුම් 1750 ක් සහ යූරෝ 9,000 ක විදේශ මුදල් තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දීප්තිකා ගුණරත්න මහත්මිය විසින් පැවැත්වූ අතර එහිදී මෙම විදේශ මුදල් තොගය රාජසන්තක කර මෙම පෙදරේරුවා නිදහස් කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න